‘ආසියාවේ රැජිනට’ ඩොලර් මිලියන 100ක ලංසුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ.

ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති මෙහි බර කිලෝග්‍රෑම් 310කට ආසන්නය.

ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි.

එම මැණික මේ වනවිට හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති අතර පසුගිය මස 12 වනදා එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි.

මෙරටින් හමුවූ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හෙවත් ආසියාවේ රැජින හමුවූ මැණික් නිධිය තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකි.

ඒ හේතුවෙන් එම ස්ථානය පිළිබඳව හෙළිකිරීමට මෙම මැණිකේ හිමිකරු අකමැති විය.

“අපි තාම මේ නිධියේ පර්යේෂණ සහ ගවේශන කරගෙන යනවා. ඒ තැන ගැන හෙළි කළොත් ඒකට බාධා ඇති වෙන්න පුළුවන්. ”

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හිමි සමාගමේ හිමිකරු, මැණික් ගවේෂක චමිල සුරංග මහතා,

ඇල්මීනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, අයන් සහ නිකල් එකතුවෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. කොරන්දම් තමයි මේක අයත්වන වර්ගය. දැනට ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි මේ වෙලාවේ මේක ලෝකයට ඉදිරිපත් කරන්න තීරණය කළේ.