නවතම පුවත්

වාහන- විදුලි සංදේශ- මත්පැන්- සූදුවලට පනවන අලුත් බද්ද ගැන කැබිනට් තීන්දුවක්

අසංක

අසංක

මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත පනවන ලද විවිධ බදු වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2021 සහ 2022 අයවැය මඟින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකි වන පරිදි විවිධ ව්‍යවස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කරනු ලබන තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

එසේම, 2022 අයවැය මඟින් මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද වැඩි කිරීමට සහ වසංගත හෝ මහජන සෞඛ්‍ය තත්ත්වයන් යටතේ රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරනු ලබන වෛද්‍ය උපකරණ, උපාංග සහ රසායනික ද්‍රව්‍ය ආදිය එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමටත් යෝජනා කර තිබේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් එම කාර්යයන් වෙනුවෙන් සකස් කරන ලද විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සඳහා සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්