ඇඟලුම් කම්හල් සේවකයින්ට කොවිඩ් එන්නත් කිරීම ඇරඹේ

Picture of අසංක

අසංක

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා ඉදිරි සතිය තුළ කර්මාන්තශාලා 48 ක්‌ පමණ ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ යටතේ අද කටුනායක අපනයන සැකසුම්‌ කලාපය තුළ සේවක සේවිකාවන්ට එන්නත්‌ ලබාදීම සිදුවිය

නාවික හමුදාව සහ සැකසුම්‌ කලාපයේ සෞඛ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ දියත් කෙරිණ.

කටුනායක අපනයන සැකසුම්‌ කලාපයේ කර්මාන්තශාලා 5ක සේවක සේවිකාවන්‌ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්‌
ඇතුලු 500 දෙනෙකුට පමණ සයිනොෆාම්‌ එන්නත අද ලබාදී ඇත.