ඇඳිරි නීතිය ඉවත් කළද රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කළ යුතු ආකාරය හා රාජ්‍ය සේවය පිළිබඳව මෙතෙක් කිසිදු විධිමත් චක්‍රලේඛයක් නිකුත් වී නැතැයි රජයේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කර සිටී .
එසේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයේ සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය අංශයේ සේවකයින් වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග සඳහන් විධිමත් චක්රලේඛයක්ද මෙතෙක් නිකුත් වී නැතැයි රජයේ වෘත්තිය සමිති සම්මේලනය අවධාරණය කර සිටී
සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයින්ට හිමි වාර්ෂික නිවාඩුවලින් සේවයට නොපැමිණි දින අඩු කරන බවට රාවයක් පැතිර යන බවත් එහි සත්‍ය අසත්‍ය භාවය ගැන රජය වහා හෙළි කල යුතු බවත් , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරමින් සම්මේලනය සඳහන් කර ඇත.
ලක්ෂ 14 ක් වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අත්‍යාවශ්‍ය නොවන සේවා සඳහා එම කාල සීමාව තුළ රාජ්‍ය සේවකයින් අපහසුතාවට පත්නොවන අයුරින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විධිමත් චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන්නට පියවර ගන්නැයි ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.