නවතම පුවත්

කුවේට්හි ලාංකිකයන් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක්

අසංක

අසංක

කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එරට තානාපති අංශ සමඟ මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය සාකච්ජා ආරම්භ කර ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව කුවේට්හි රැදි සිටින ශ්‍රීලාංකිකයින් නිශ්චිත ක්‍රමවේදයකට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය වෙත පැවසීය

කුවේට්හි මේ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් රැදී සිටින අතර ඔවුන්ගෙන් 19000 ආසන්න පිරිසකට වලංගු වීසා බලපත්‍ර නොමැති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.එම පිරිසෙන් 423 දෙනෙකු ඉකුත් සතියේදී යළි දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කළේය.

කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එරට නීතිවිරෝධී ලෙස සිටින විදෙස් ශ්‍රමිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් බලධාරින් මේ වන විට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලයේ දි කුවේට් රාජ්‍ය පිටවන ඕනෑම ශ්‍රමිකයෙකුට යළි එරටට පැමිණීමේ හැකියාව පවතින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් කුවේට්හි නීතිරීති කඩකරමින් තවදුරටත් එරට රැදි සිටින්නේ නම් එම ශ්‍රමිකයින්ට කිසිදු අවස්ථාවක එරටට පැමිණීමේ හැකියාවක් නොමැති බව ද ඔවුන් දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

කුවේට්හි රැදි සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට මේ වන විටත් කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්