නවතම පුවත්

ඇඳිරිනීතිය ඉවත් කරගන්න නම් කොරෝනා පරීක්ෂණ වැඩි කරන්න – GMOA

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඇඳිරි නීතිය ඉවත් කර රට නැවත යථා තත්ත්වට පත් කිරීමට නම් , කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවිම අනිවාර්ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

මේ වනවිට සිදුකෙරෙන 500ක් පමණවූ දෛනික පරීක්ෂාවන් ප්‍රමාණයද කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත් , එවැනි තත්වයක් තුල මෙරට කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සත්‍ය තත්වය වටහා ගත නොහැකි බවත් එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

ශ්‍රී ලංකාව තුල දිනකට කොරෝනා පරීක්ෂාවන් 1500 ක් පමණ සිදුකල හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කලත් , එම සංඛ්‍යාවට හෝ ලඟාවීමට තවමත් එම අංශ අපොහොසත් වී ඇති බවද අලුත්ගේ මහතා මෙහිදී සඳහන් කළේය .

පරීක්ෂාවන් ප්‍රමාණය වැඩි කිරීමට සෞඛ්‍ය අංශ පියවර නොගැනීම ගැටළුවක් බවත් , එසේ පරීක්ෂාවන් ප්‍රමාණය වර්ධනය නොකර ඇඳිරි නීතිය ඉවත්කිරීම අනතුරු දායක බවද අලුත්ගේ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්