නවතම පුවත්

ඇඳිරිනීතිය ඉවත් කරන කාලය තුළ කළ යුතු දෙයක් ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

අසංක

අසංක

දැනට පනවා ඇති ඇඳිරිනීතිය ඉවත් කරන සීමිත කාලසීමාව තුළ ජනතාව කොරෝනා වෛරසය ආසාදනය වීම වැළකෙන අයුරින් සිය අවශ්‍යතා ඉටු කරගත යුතු ආකාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දීමක් කර තිබේ.

ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ද පදනම් කරගෙන ය.

ජනාධිපතිවරයාගේ දැනුම් දීම පහත දැක්වේ.

“සාමාන්‍ය ජන ජීවිතය අඛන්ඩව පවත්වාගන යාම සදහා වන අවශ්‍යතා සැලකීමෙන් අනතුරුව දිවයිනේ දිස්ත්‍රික්ක තුනක් හැර සියලුම ප්‍රදේශ වල පෙ.ව 6.00 සිට ප.ව 2.00 දක්වා ඇදිරි නීතිය ඉවත්කිරීමට රජය විසින් තීරණය කරන ලදී.

මෙහිදී ඔබ විසින් ඉතා සංයමයෙන් යුතුව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් නිකුත් කර ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.


රජය විසින් රට තුල අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති වීම වැලැක්වීම සදහා සියලු විධිවිධාන යොදා ඇති බැවින් අනවශ්‍ය ලෙස මහජනයා ගැවසෙන ස්ථාන වලට යමින් අධි-මිලදීගැනීම් වල නොයෙදෙන මෙන් ඉල්ලා සිටිමි.


එමෙන්ම සෑමවිටම මුඛ ආවරණයක් පැලදීමත් වැඩි වාරගනනක් දෙඅත් සබන් හෝ විෂබීජනාෂක දියර යොදා පිරිසිදුව තබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමි.


තමාතුල ස්වයං විනයක් ඇතිකරගනිමින් සෑම සේවාවක් ලබා ගැනීමේදීම පුද්ගලයින් දෙදෙනෙක් අතර තබාගත යුතු අවම දුර පවත්වාගෙන යාමට උත්සුක වන්න.


අතීතයේ සිට රටක් ලෙස අප මුහුණ දුන් සියලු බාදක සහ අභියෝග අප ජයගත්තේ එකමුතුකම මගිනි. ඒ සෑම අවස්ථාවකදී මෙන්ම මෙවරද රටක් ලෙස අප මෙය ජයගනු ඇති බව මාගේ විශ්වාසයයි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්