නවතම පුවත්

ඇඳිරිනීතිය ලිහිල් වෙන කාලයේ බාර් ඇරේ

අසංක

අසංක

 

සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඇඳිරිනීතිය ලිහිල් කරන කාලය තුළදී විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන , ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී ඇත.

මුදල් , ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් – 19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි පිළිපැදීමේ කොන්දේසියට යටත්ව මෙම අවසරය ලබා දී ඇත .

එකී කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් සුදුසු නෛතික පියවර ගැනීමටත් , මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වා ගැනීමටත් , කටයුතු කිරීමට සියළුම සුරාබදු නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්