කොරෝනා වසංගත තත්ත්වය ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මාසික විදුලි බිලට කිසිදු අමතර ගාස්තුවක් එක් නොකරන ලෙසත් විදුලිය විසන්ධි කිරිමක් සඳහා රතු බිල් නිකුත් නොකරන ලෙසත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
එසේම ඇඳිරි නිතිය ඉවත් කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් නිකුත් කළද ඔවුන්එම ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙසද ස ඇමතිවරයා දැනුම් දී ඇත..
දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට ජනතාවට විදුලි බිල්පත් නිකුත් කිරිමට හැකියාවක් නොමැති බවත් එලෙස විදුලි බිල්පත් ලැබුනත් ඔවුන්ට එය ගෙවීමට හැකියාවක් නොමැති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත.