නවතම පුවත්

ඇඳිරිනීති නොතකා මැකො සාමාජිකයෙක් පුතා කොළඹ ගෙනඒම ගැන විමර්ශනයක්

අසංක

අසංක

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඇඳිරි නීතිය පැවති කාලයේදී යාපනයේ සිට සිය පුත්‍රයා කොළඹට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස්  විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතාගෙන් සහ එහි පිළිගැනීමේ නිලධාරිනියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඇඳිරි නීතිය සමයේදී දිස්ත්‍රික් අතර අතර ගමන් කිරීම නීති උල්ලංඝනය කිරීමකි. කොමිසමේ සාමාජිකයෙකු ලෙස හූල් මහතාට එලෙස යාමේ අවසර තිබුණ ද පුත්‍රයාට ද මෙම නීතිය අදාළ වේ.

රත්නජීවන් හූල් මහතා මෙලෙස තම පුත්‍රයාව රැගෙන විත් ඇත්තේ කොළඹදී පැවැති කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා පැමිණි දිනකදී ය.

ඒ අනුව ඔවුන් පැමිණි යාපනය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිල රථයේ රියදුරු රියදුරුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන තොරතුරු පොලිස් නීති කොට්ඨාශය වෙත යැවීමට නියමිත අතර ඉදිරි ක්‍රියාමාර්ගයක් වෙතොත් ඒ අනුව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්