දැනට පවතින ඇදිරි නීති බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ලබන 30 වෙනිදා වන විට අවසන් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය අද(08) නිවේදනය කළේය.
එතෙක් වරාය, නැව් සමාගම්, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලිය හා ජලය සැපයීම්, කෘෂිකර්ම කටයුතු , ලංකා ගමණාගමන මණ්ඩලය, දුම්රිව සේවාව, මහා භාණ්ඩාගාරය , මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු , මාධ්‍ය, රාජ්‍ය හා පෞද්ගලික අංශය මගින් පවත්වා ගෙන යන අත්‍යවශ්‍ය සේවා ආදිය සදහා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ගමන් කිරීමට සිය ආගතනවල සේවා සහ රාජකාරි හැදුණුම්පත් ඇදිරි නීතිබලපත්‍රයත් ලෙස අප්‍රේල 10 දක්වා භාවිතා කිරීමට ලබාදුන් අවසරයද ඒ අනුව ලබන 30 වෙනිදා දක්වා දීර්ඝකර තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
එසේම අත්‍යවශ්‍ය සේවා සදහා ලබාදී ඇති අනිද්දායින් (10) අවසන් වන සියළුම ඇදිරි නීති බලපත්‍රද ලබන 30 වෙනිදා දක්වා දීර්ඝකර ඇතැයිද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.