නවතම පුවත්

ඇපලෝ-7 මෙහෙයුමේ අවසන් ගගනගාමියාත් මියයයි

අසංක

අසංක

පෘථිවි කක්ෂයේ සිට සජීවී රූපවාහිනිය විකාශනය කළ ප්‍රථම නාසා මෙහෙයුමේ ඉතිරිව සිටි අවසන් සාමාජිකයා වූ අමෙරිකානු ගගනගාමී වෝල්ටර් කනිංහැම් මියගොස් තිබේ.

ඇපලෝ- 7 යනු 1968 දී දින 11ක මිනිසුන් සහිත මෙහෙයුමක් විය. එය අභ්‍යවකාශයේ කක්ෂගත කිරීමේ හැකියාවන් පරීක්ෂා කළ එකකි. ඔහු ඇපලෝ- 7 යානයේ චන්ද්‍ර මොඩියුල නියමුවා වූ නමුත් එම මෙහෙයුම සඳ වෙත නොපැමිණියේය.

ඇපලෝ- 7 මෙහෙයුම නිසා වසරකටත් අඩු කාලයකට පසු ඇපලෝ -11 මගින් සඳ ගොඩබෑමට මඟ පෑදීය.

මෙහෙයුමට දායක වූ වෝල්ටර් ෂිරා සහ ඩොල් අයිසෙල් සමඟ කනිංහැම් ඔවුන්ගේ සජීවී විකාශනය සඳහා එමී සම්මානය ද දිනා ගත්හ. විධාන මොඩියුලයේ නියමු අයිසෙල් 1987 දී මිය ගිය අතර 2007 දී මුල් ‘මර්කරි සෙවන්’ ගගනගාමීන්ගෙන් කෙනෙකු වූ මෙහෙයුම් කොමදෝරු ෂිරා මිය ගියේය.

මියයන විට ඔහු වයස අවුරුදු 90 ක් වූ කනිංහැම්ගේ මරණය තහවුරු කළ නාසා ආයතනය , ඔහු ‘අපගේ සඳ ගොඩබෑමේ වැඩසටහනේ සාර්ථකත්වයට සලකුණක්’ බව පැවසීය.

පරිපූර්ණ ජීවිතයක් ගත කළ ඔහු අඟහරුවාදා හූස්ටන් හි රෝහලකදී ස්වභාවික හේතූන් නිසා මියගිය බවට පවුලේ ඥාතීහු දන්වා තිබුණි.

1999 දී නාසා ආයතනයට සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ගගනගාමියෙකු ලෙස ගත කළ කාලය තුළ ඔහුගේ මානසිකත්වය විස්තර කර තිබුණේ මෙසේය.

‘මම කවදාවත් ආපසු හැරී නොබැලූ මිනිසුන්ගෙන් කෙනෙකි,’

‘මට මතක ඇති එකම දෙය නම්, මට කළ හැකි උපරිමය කිරීමට අවශ්‍ය වී තිබීමයි. ඒ මට සෑම විටම ඊළඟ පියවර සඳහා වඩා හොඳින් සූදානම් වීමට අවශ්‍ය වූ බැවින් වෙනත් කිසිවක් ගැන මට තේරුමක් නොවීය.’

‘මම හැමවිටම අනාගතය දෙස බලා සිටිමි. මම අතීතයේ ජීවත් නොවෙමි.’

වමේ සිට: Donn Eisele, Captain Walter Schirra සහ Walter Cunningham
FILE – Apollo 7 astronaut Walter Cunningham speaks on the campus of Massachusetts Institute of Technology in Cambridge, Mass.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්