නවතම පුවත්

ඇමතිගේ බාලගිරිය නිසා රාජ්‍ය ආයතන කිහිපයක් අක්‍රියයි

අසංක

අසංක

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය යන ආයතනයන් හි ප්‍රධාන තනතුරු පත්කිරීම් දිනෙන් දින කල් යාම හේතුවෙන් එම ආයතන තුල පරිපාලනමය ගැටළු රැසක් උද්ගතව ඇත.

මෙම තනතුරු පත්කිරීම් ඊයේ පෙරවරුවේ සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද, හදිසියේ එය තවත් දින කිහිපයකට කල් දමා තිබේ

මේ හේතුවෙන් එම ආයතන තුලමේ වනවිට අරාජික තත්වයක් මතුවෙමින් ඇති බවත් ආයතන සේවකයෝ පවසති.

සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පත්කිරීම් කල්ගිය බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු The Colombo express වෙත සඳහන් කළේය

මෙහිදී වැඩිදුරටත් වාර්තා වූයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන කිෂූ ගෝමස් මහතා පත්කිරීමට නියමිතව තිබූ බවයි.

එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් රන්ජිත් ද සිල්වා මහතා පත්කිරීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපතිවරයාව සිටි කුමාර් ද සිල්වා මහතා, තවදුරටත් එම තනතුර සඳහා පත්වීමට නියමිතව සිට ඇති අතර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රධානියා වශයෙන් දිලිප් ද සිල්වා මහතා පත් කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පැතුම් වික්‍රමරත්න

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි