ආණ්ඩුවේ අමාත්‍යවරුන් තුන් දෙනෙකු covid-19 ආශ්‍රිතයින් බවට පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය විය.
වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගි වූ පසුගිය දා පැවැති වෙළෙඳ හමුවකට පිටකොටුවේ ව්‍යාපාරිකයකු පැමිණ ඇති අතර ඔහුගේ මුදල් අයකැමිවරයා කොරෝන ආසාදිතයෙකු බැවින් බුද්ධි අංශ දැනුම් දීමෙන් පසු තමා PCR පරීක්ෂාවකට යොමු වූ බව බන්දුල ගුණවර්ධන මහතා කීය.
එමෙන්ම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද කොරෝනා ආශ්‍රිතයකු වී ඇත්තේ මතුගම ආසාදිතයෙකු වූ බස් රියදුරු අමාත්‍යවරයා හමුවූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මැති සබේ දී අද පැවසීය.
මේ අතර නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති අතර එහි ඔහු සිටි ඇඳට ඇඳක් එහායින් සිට ඇත්තේ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවයි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ දෙවන පෙළ ආශ්‍රිතයකු බැවින් සෞඛ්‍ය අංශ දැනුම් දීමෙන් පසු එම පරීක්ෂාවන් සිදුකළ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔහුට දුන් පිළිතුර දී සඳහන් විය.
මේ වන විට අත්අඩංගුවේ පසුවන රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයාද නිරෝධායනයට යොමු කර ඇත.
මීට පෙර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ස්වේච්ඡාවෙන්ම PCR පරීක්ෂාවකට යොමු වූ බව පසුගියදා මැතිසබයේ දී හෙළිවිය.