ඇමති දයාසිරි ජයසේකරට කොවිඩ්

Picture of අසංක

අසංක

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට covid-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.

අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ නිවසේ අය සහ සමීපතමයන් ද ස්වයං නිරෝදානයට ලක් කර තිබේ.

මෙරට රජයේ රජයේ covid ආසාදනය වී ඇති බවට තහවුරු වූ පළමු අමාත්‍යවරයා ද දයාසිරි ජයසේකර මහතා යි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා කොරෝනා වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ඖෂධ පැණිය පසුගියදා කතානායක වරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී පානය කරන ලදී.

කෙසේවෙතත් එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙම ඖෂධය ලබා ගත්තේද නැද්ද යන්න පිළිබඳ වාර්තා නොවේ.