නවතම පුවත්

ඇමති බන්දුලට බෙදන්න වෙන තරමට ‘යටඇඳුම්’ හිඟයක් එයිද?

අසංක

අසංක

මේ දිනවල මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් කතාකරන මැතිඇමැතිවරු හා ප්‍රවෘත්ති අතරතුර වැඩිපුරම ඇහෙන වචන අතරට කිසිදා ප්‍රසිද්ධ මාධ්‍යයේ එතරම් භාවිත නොවූ වචන ද භාවිත වනු දකින්නට ලැබේ. මේ දිනවල වඩාත් ප්‍රසිද්ධව කතාකරන්නේ ‘යටඇඳුම්’ ගැන ය.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් පසුගියදා ‍අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 623කට ආනයනයේදී දැඩි කොන්දේසියක් පැනවීමත් සමඟ මෙරට තුළ ආනයනික ඇඟළුම් කිහිපයක් ඇතුළු එම ලැයිස්තුවේ ඇතුළත් භාණ්ඩවල සීඝ්‍ර මිල ඉහළයාමක් සිදුවනු ඇති බවට සමාජය තුළ දැඩි කතාබහක් මතුවීමය. විදුලි උපකරණ, පලතුරු, චීස්, කිරි ආහාර, ජංගම දුරකතන ආදි මෙකී නොකී දෑ බොහොමයක් මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබුණ ද වඩා ජනප්‍රිය මාතෘකාව වී ඇත්තේ සෙසු සියල්ල අභිබවා ‘යටඇඳුම්’ ය.

මෙම භාණ්ඩ ආනයනයේදී 100%ක ක තැන්පතුවක් තැන්පත් කිරීම හා මෙම භාණ්ඩ සඳහා ණය ලබානොදීම ආදී කොන්දේසි හේතුවෙන් ආනයනය සීමා වීම නිසා රට තුළ මෙම ලැයිස්තුවේ භාණ්ඩ හිඟයක් ඉදිරියේදී මතුවීමට ඉඩ තිබීම මෙම මිල ඉහළ යාමට හේතු වනු ඇත. කෙසේවෙතත් රටේ පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙන් රටින් පිටට ඩොලර් ගලායාම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය රජය විසින් ගෙන තිබුණි.

රජයේ නව කොන්දේසි පැනවීමට හේතුවූ කරුණ සළකා බැල‍ීමේදී පෙනී ගියේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ කතාබහ කරන තරම් ප්‍රබලව ආනයන සීමාව ‘යටඇඳුම්’ කෙරෙහි බලනොපාන බවය. ඒ මන්ද යත් මෙරටට එම ඇඟලුම් ආනයනය ඉතාම අවම මට්ටමක පවතින අතර ඉතා ඉහළ මට්ටමක පවතින්නේ මෙරටින් අපනයනය කරන ‘යටඇඳුම්’ වීමය. ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම යටතේ නිෂ්පාදනය වන යටඇඳුම් පවා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය තුළ නිෂ්පාදනය කොට ‍අපනයනය කෙරේ.

ගෝලීය වෙ‍ළෙඳාම පිළිබඳ දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය කරන ජගත් සංවිධානයේ ජාත්‍යන්තර වෙ‍ළෙඳාම් පිළිබඳ දත්ත සමූහය පදනම් කරගනිමින් ක්‍රියාත්මක විශ්ලේෂකයන් වන ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය සඳහා වන වෙළඳ සංඛ්‍යාලේඛන දත්ත මගින් ඒ බව මනාව සනාථ වෙයි.

මෙම දත්තවලට අනුව පෙනී යන්නේ වසරකට මෙරටින් අපනයනය කෙරෙන කාන්තා සහ පිරිමි යටඇඳුම්වල වටිනාකම ඩොලර් මිලියන 700 අභිබවද්දී මෙරටට ගෙන්වන කාන්තා පිරිමි යටඇඳුම්ල වටිනාකම ඩොලර් මිලියන 7ක් වැනි ඉතා සුළු කොටසක් බවය. එබැවින් යටඇදුම්වලට පැනවූ ආනයන කොන්දේසිය කිසිසේත් කියන තරම් ගැටලුවක් නොවනු ඇත.

පසුගිය වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ගෙන්වූ පිරිමි යටඇඳුම් ලැයිස්තුවට ඇතුළත් ඇඟලුම් වෙනුවෙන් වැයවී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 3.3කි.

එම යටඇඳුම් වර්ගීකරණයට පිරිමි යට කලිසම්, කෙටි ඇඳුම්, රාත්‍රී ෂර්ට්, පිජාමා, නාන ඇඳුම් ගොතන ලද වියන ලද (කමිස සහ තනි ඇඳුම් හැර)ඇගලුම් ඊට අයත් වේ. ඒවා වැඩියෙන්ම මෙරටට ගෙන්වනු ලබන්නේ පිළිවෙළින් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා අමෙරිකාවෙනි.

එහෙත් පසුගිය වසර තුළ පමණක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කොට අපනයනය පිරිමි යටඇඳුම්වල උපයාගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 222.56කි.

ශ්‍රී ලංකාව විසින් ඒවා වැඩිම අපනයනය කරන්නේ පිළිවෙළින් අමෙරිකාව, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය හා එංගලයන්තය ආදි රටවල් ගණනාවකටය.

මේ අතර 2020 වසරේදී ශ්‍රී ලංකාවට ගෙන්වූ කාන්තා යටඇඳුම් ලැයිස්තුවේ ඇඟලුම් වෙනුවෙන් වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.70කි.

වැඩිම ආනයනය කරනු ලබන්නේ චීනය, ඉන්දියාව, අමෙරිකාව හා තායිලන්තයෙනි.

 

එහෙත් පසුගිය වස‍රේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කොට අපනයනය කරන ලද කාන්තා යටඇඳුම් මගින් උපයාගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 496.34කි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කාන්තා යටඇඳුම් වැඩිම අපනයනකරුවන් වන්නේ පිළිවෙළින් ඇමෙරිකාව, ඉතාලිය, එංගලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය, කැනඩාව, පෝලන්තය, ජපානය, චීනය ආදී රටවලට ය. ලෝකයේ අතිශය මිල අධික, ජනප්‍රිය සන්නාම යටතේ නිෂ්පාදනය ද මෙහි සිදුවේ.

 

මෙහිදී තවත් එක් කැපී පෙනෙන කාරණයක් වන්නේ මෙරටට යටඇඳුම් වැඩියෙන්ම ආනයනය කරනු ලබන්නේ චීනයෙන් වන අතර මෙරටින් සුළු පරිමාණයෙන් යටඇඳුම් චීනයට අපනයනය කිරීමක් ද වීමය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්