ෆයිසර් සහ බයෝ එන් ටෙක් සමාගමේ කොරෝනා මර්දන එන්නත හෙට සිට ලබාදීම ඇරඹීමට අමෙරිකාව කටයුතු යොදා ඇත
අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, මෙම එන්නතෙහි ප්රථම මාත්රා මිලියන 3 මේ සති අන්තයේ සියලු ප්රාන්ත වෙත නැව් මඟින් ප්රවාහනය කෙරෙන බවයි .
කොරෝනා වෛරසයට එරෙහිව 95 % ක ප්රතිශතයක ප්රතිශක්තියක් ලබාදෙන මෙම එන්නත ආරක්ෂිත යැයි අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය දැනුම්දී ඇත .
මෙම එන්නත ලබාදීමට අනුමැතිය ලැබීම කොරෝනා වසංගතයට එරෙහි සටන් හැරවුම් ලක්ෂයක් බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය ප්රකාශ කළේ ය.