ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් 13 ලංකාවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ලබන 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත .ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් , සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ඇලිස් වේල්ස් මහත්මිය සාකච්ඡා පවත්වනු ඇති.බව මෙරට ඇමෙරිකානු තානාපතිකාර්යාලය සඳහන් කර සිටී .

මානව හිමිකම්, යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශික ගැටලු පිළිබඳ මෙම සාකච්ජා වලදී අවධානය යොමු කිරිමට නියමිත බවද වාර්තාවේ..
මෙම සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාවේ සහ පකිස්ථානයේ සංචාරය කිරිමට නියමිත බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.