නවතම පුවත්

ඇමරිකාවේ කොරෝනා මරණ 98,000 ක් ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 98,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි. ගෙවීගිය දිනයේදී ඇමෙරිකාවෙන් වෛරසය ආසාදිත වූවන්ගේ තවත් මරණ 314ක් වාර්තා වී ඇති අතර, අද (26දා) උදෑසන වනවිට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වූයේ 98,218ක් ලෙසිනි.

මේ අතර ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,662,302ක් ලෙස අද (26දා) උදෑසන වනවිට වාර්තා විය. එහිදී ගෙවීගිය දිනයේදී නව ආසාදිතයන් 14,195ක් ඇමෙරිකාවෙන් වාර්තා වී තිබුණි.

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණවලින් වැඩිම අගය වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙනි. එය 29,229කි. මීට අමතරව, නිව් ජර්සි ප්‍රාන්තයෙන් මරණ 11,147ක් වාර්තා වෙයි.

වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව සැලකීමේදී ඇමෙරිකාවෙන් මේ වනවිට පුද්ගලයන් 379,157 දෙනෙකු සුවය ලබා ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ සැමරුම් දිනයට සමගාමීව නිවාඩු සති අන්තයේදී කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් සමහර ප්‍රාන්තවල දැකගත හැකිවිය.

තත්ත්වය මෙසේ තිබියදීත් ෆ්ලොරීඩා, මේරිලන්ඩ්, ජෝර්ජියා, වර්ජිනියා සහ ඉන්දියානා යන ප්‍රදේශවල වෙරළ තීරයන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ආකාරය දැකගත හැකිවිය.

මෙසේ පැමිණි බොහෝ දෙනෙකු මුඛ ආවරණයක් හෝ නොමැතිව පිටතට පැමිණ සිටි අතර, තවත් සමහරු සමාජ දුරස්ථකරණ මූලධර්ම සම්පූර්ණයෙන්ම අමතක කර රිසිසේ විනෝද වන ආකාරය නිරීක්ෂණය කර තිබුණි.

තවදුරටත් රට තුළ ආසාදිතයන් වැඩිවීම පාලනය කිරීම සඳහා මෙම සෞඛ්‍ය පුරුදු දෙකෙහි වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර ඇති පසුබිමක ඇමෙරිකානුවන්ගේ හැසිරීම ඛේදනීය තත්ත්වයක් පිළිබිඹු කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්