ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම බැංකුව ජේ. පී. මෝගන් චේස් සහ සමාගම ගෝලීය ආර්ථිකයේ සුළි කුණාටුවකට මුහුණ දීමට සැරසෙයි. මුලදී තමා අදහස් පළ කලේ ගිගුරුම් ගැන බවත් එහෙත් දැන් සුළි කුණාටුවක් ගැන කතා කරන බවත් බැංකුවේ ප්‍රධානී ජෙමී ඩිමොන් නිව්යෝර්ක්හි පැවති මූල්‍ය සමුඑවකදී පැවසීය.
යුක්රේන අර්බුදයේ වර්ධනයන් සහ ආහාර හා බලශක්ති වෙළඳපොල ඇතුඑ භාණ්ඩ වෙළඳපොලවලට ඉන් ඇති වන බලපෑම කෙරෙහිද ඔහු සමුඑවට පැමිණි සිටි අයගේ අවධානය යොමු කරවීය. ඔහු එහිදී පෙන්වා දුන්නේ විශේෂයෙන් ඛනිජ තෙල් මිල ඩොලර් 175 දක්වා ඉහළ යා හැකි බවයි.