ඇමසෝන් වැසිවනාන්තරයේ ගිනි නිවීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් ජී-7 සමුළුවෙන් ඩොලර් මිලියන 40ක ලබාදීමට තීරණය කර තිබේ.
මේ දිනවල ප්‍රංශයේ පැවැති ජී-7 සමුළුවේදී ඇමසෝන් ඛේදවාචකය පිළිබඳ දීර්ඝ ලෙස කතාබහට ලක්විය.
එහි ප්‍රථිපලයක් ලෙස සමුළුව මගින් ඩොලර් මිලියන 20ක් බ්‍රිතාන්‍යයෙන් ඩොලර් මිලියන 12ක් හා කැනඩාවෙන් ඩොලර් මිලියන 11ක් ඇමසෝන් වෙත ලබාදීමට නියමිතය.
කාලගුණ විපර්යාසයේ ප්‍රබලතම සටන්කාමියා වන ඇමසෝන් වැසිවනාන්තරය වෙනුවෙන් ලියනාඩෝ ඩී කැප්‍රියෝ පදනම ඩොලර් මිලියන 5ක් දී ඇත.
පසුගිය වසර 10 පුරා ඇමසෝන් රැකගැනීමට විවිධ රටවල්, සංවිධාන මගින් ඩොලර් බිලියනයකට අධික මුදලක් ප්‍රදානය කර ඇත. එහෙත් අඛණ්ඩව ගිනි ඇවිලී කලක් ගතවූ පසුව බ්‍රසීල ජනපති පවසා තිබුණේ ගිනි නිවීමට තරම් ප්‍රතිපාදන නොමැති බවයි.