නවතම පුවත්

ඇමෙරිකාවෙන් ලංකාවට “මොඩර්නා”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අමෙරිකා එක්සත් ජනපදය COVAX වැඩසටහන හරහා ලබා දුන් මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට රැගෙනවිත් ඇත ..
ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා රැගත් ගුවන් යානය අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ අතර එම එන්නත් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදීමද මෙහිදී සිදුකෙරිණ .

එම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙන්ම ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු පිරිසක් එක්විය .

එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඇති අතර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත එන්නත් තොගය ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැ

ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ‌ලෙස මෙම මොඩර්නා එන්නත් තොගය මෙරටට ලැබුණු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා  මෙහිදී මාධ්‍ය වෙත පැවසීය

මෙම  මොඩර්නා එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මොඩර්නා එන්නත් භාවිත කරමින් මහනුවර දිස්ත්‍රික්ක එන්නත්කරණ වැඩසටහනේ ඉතිරි කොටස සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”

 

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් ඇමෙරිකානු තානාපතිනිය මෙසේ සඳහන් කර ඇත ,

ශ්‍රී ලංකාවට මොඩර්නා එන්නත් මිලියන1.5ට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව ඇමරිකානු ජනතාව වෙනුවෙන් මා නිවේදනය කරන්නේ සාඩම්බරයෙනි. ජීවිත බේරාගැනීමටත් ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාදීමටත් කෝවිඩ්-19 ආර්ථික බලපෑම්වල හානි අඩුකිරීමටත් කෝවැක්ස් හරහා ලැබෙන මෙම පරිත්‍යාගය උපකාරී වනු ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්