නවතම පුවත්

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බිලියන 3.6 ක ව්‍යාපෘතියක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර  නැංවීමට  කිරීමට හා   කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතියක් සඳහා  රුපියල්  බිලියන 3.6 ක මුදලක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත .
 ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා මෙම  අරමුදල් සපයනු ලබන අතර එහිදී  මෙම පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සංචාරක, තාක්ෂණ සහ වාණිජ රැකවරණ සේවා යන කර්මාන්තවල නියැලෙන කුඩා ව්‍යාපාරවලට තාක්ෂණික සහාය හා මූල්‍යකරණය ලබාදෙනු ඇත.
එසේම කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා පුළුල් කිරීමටත් වඩාත් යහපත් ව්‍යාපාර පරිචයන් මාර්ගයෙන් ලාභ වැඩිකරගැනීමටත් මග පාදනු ඇති, බෙහෙවින් අවශ්‍ය කර තිබෙන මූල්‍යාධාර මෙපරිද්දෙන් ලබාදීම තුළින් එය, කොවිඩ්-19 තත්ත්වයේ ආර්ථික බලපෑම්වලට ශක්තිමත්ව මුහුණ දීමට ද ශ්‍රී ලංකාවට උපකාරි වනු ඇත. වසංගතය අභිමුව ප්‍රත්‍යස්ථභාවය ශක්තිමත් කිරීම, කොවිඩ් තත්ත්වයෙන් පසුව ආර්ථිකය නැවතත් යථා තත්ත්වයට පත් කිරීමේ දී වැදගත් තැනක් ගනී.
“තිරසාර බලපෑම් ළඟා කරගැනීමට වෙළෙඳපොළ මගින් ධාවනය වන විසඳුම් හැඩගස්වන සංවර්ධන සහයෝගීතාවයන් සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමට එක්සත් ජනපදය දීර්ඝ කාලීනව දක්වා ඇති කැපවීම මෙම ව්‍යාපෘතියෙන් පෙන්නුම් කරනවා“, යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කළාය. “වඩාත් වැදගත් ලෙසින්, මෙම කාලෝචිත ආධාරය මගින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 හි ආර්ථික බලපෑම සමනය කරගැනීමට උපකාරී වනවා“, යැයි තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම මුලපිරීම හරහා නවෝත්පාදනය හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනු ඇති අතර, දිවයින මුළුල්ලේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින අඩු පහසුකම් භුක්ති විඳින ප්‍රජාවන්ට උපකාර ලබාදීමට ශ්‍රී ලාංකික මූල්‍ය ආයතන දිරිගන්වනු ඇත. එමෙන්ම, වැඩි වැඩියෙන් කාන්තාවන් සේවයට බඳවාගැනීම සඳහා එමගින් ව්‍යාපාර දිරිමත් කරනු ඇත. කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වූ කල්හි ඔවුන් ආපසු තමන්ගේ පවුල් හා ප්‍රජාවන් හි එය නැවත ආයෝජනය කරන බවත් එයින් ආර්ථිකය වර්ධණය වන බවත් අධ්‍යයනවලින් පෙන්නුම් කරයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්