අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිව්රුම් දීමේ උත්සවය සමගාමීව එරට ප්රාන්ත පනහේම ආරක්ෂාව සඳහා හමුදාව යොදවා ඇත.
මෙම දිවුරුම්දීමට එරෙහිව දිනවල රට පුරා විරෝධතා හා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට එරට බුද්ධි අංශ කර ඇති අනතුරු ඇඟවීම හේතුවෙන් මෙසේ එරට ආරක්ශාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත
බයිඩන්ගේ දිවුරුම්දීම එළඹෙන 20 වනදාට යෙදී ඇත.
ඉකුත් 06 වනදාද, ට්රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර පුරා විරෝධතා දියත් කළ අතර එහිදී හටගත් කලහකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගියේ අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් ද එක් කරමින්. එබැවින් එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා ගැනීමටයි මෙලෙස අගනුවර ප්රධාන සියලූ ප්රාන්තවල ආරක්ෂාව තර කර ඇත්තේ.