නවතම පුවත්

ඇමෙරිකාවේ වෙරළාරක්‍ෂක ‘ෂර්මන් නෞකාව කොළඹ වරායට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ.

තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

(ඡායාරූප – නාවික හමුදා මාධ්‍ය අංශය)

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා