ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම මීට සුළු වෙලාවකට පෙර අවසන් විය.
ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ, 70% කට අධික පිරිසක් අද දින ඡන්දය භාවිතා කර ඇති බවය.
ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී අද ආරම්භ වුණේ පෙරවරු 7.00 ටය.
ඒ සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද රාත්‍රී 10.00 පමණ වන විට ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.