ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ලබන ඔක්තෝම්බර් පළමු සතිය තුළ පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද මැතිවරණ කොමිසම වෙත නියෝග කළේය.
ඒ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ තීන්දුව දෙමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය ලබා දුනි.
එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියෝග කෙරිණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.