ඇලෝෂියස්ගේ පියා සිංගප්පූරුවට යන්න හදන හේතුව

Picture of අසංක

අසංක

තමාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා සිංගප්පූරුවට සහ ඉන්දියාවට යාමට අවසර දෙන්නැයි අර්ජුන ඇලෝෂියස් මහතාගේ පියා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝෂියස් මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත අද ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ලබන 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ජෙෂ්රි ඇලෝෂියස් මහතාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා ය.

ඉෂාර රත්නකාර