නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්‍ෂ 14ක් ඉදිරි සතියේ දිවයිනට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්‍ෂ 14ක් ඉදිරි දින කිහිපය ඇතුලත මෙරටට ලැබීමට නියමිත බවත් ඒ අනුව එම  එන්නතේ දෙවන මාත්‍රාව මෙතෙක් නොලැබුණු ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවත්  රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කර සිටී .

 

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ  පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස 6ක කාලයක් යනතුරු එහි ප්‍රතිශක්ති බලය රැඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

 

ඒ අනුව මාස තුනකින් පසු එම එන්නතේ බලය බිඳෙන බවට පලවන වාර්තා පදනම් විරහිත බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

 

“ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික පත්‍රිකාවක් පළ කළා. එහි ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඇස්ට්‍රාසෙනෙකා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස 6ක් දක්වා කාලයක් තියෙනවා එහි දෙවන මාත්‍රාව ලබාගන්න කියලා. එහිදී කිසිදු ආකාරයට බල බිඳීමක් සිදුවන්නේ නැහැ. එතකොට ලංකාවේ පෙබරවාරි 15න් පස්සේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළවෙනි මාත්‍රාව ලබාගත් අය තමයි ඉන්නේ. ඔවුන්ගේ මාස 6 සම්පූර්ණවීම සිදුවෙලා නෑ. ඉදිරි දින කිහිපයේදී ජපාන රජය මගින් අපිට පරිත්‍යාගයක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 14 ලක්ෂ 70,000ක් ලැබීමට නියමිතයි.”

 

සිසුන් පුහුණු කිරීම සඳහා පාසල්වලට නොයන බව විභාග කොමසාරිස්වරයාට සහ අධ්‍යාපන ලේකම්වරයාට දැනුම්දුන් බව ද ඔවුහු කියති

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්