මෙම ජූලි මස තුන්වන සතිය වන විට මෙරටට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිතව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අද පැවසීය .
ඒ අනුව එම එන්නත් මාත්‍රා , අස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා මූලික වශයෙන් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය
මේ තත්වය මත කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය
මේ අතර, කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසය.