ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවේ බලය සති 16කින් පසු අඩුවනවා – දෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යාවශ්‍යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු ශරීරයේ ගොඩනැගෙන කාර්යක්ෂම (ගුණාත්මක) ප්‍රතිදේහ, සති 16ක කාලයකින් පසු සැලකිය යුතු ලෙස යුතු ලෙස අඩුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂක කණ්ඩායමක් කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත

එම අඩුවීම සියයට 26.1ලෙස දැක්විය හැකි බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියකු වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍ය වෙත පැවසීය

කෙසේ වෙතත් කාර්යක්ෂම ප්‍රතිදේහ අඩු වී තිබුණත් ප්‍රතිශක්තිය ආශ්‍රිතව ඇති මතක සෛල ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුක්තව පවතින බව හෙළි වූ බවත් දෙවැනි මාත්‍රාව ගත් පසු ප්‍රතිදේහවල කාර්යක්ෂම ගුණනයක් මේ අනුව බලාපොරොත්තු විය හැකි බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් අය තුළ සති 16 යනවිටත් හොඳ ප්‍රතිදේහ මට්ටමක් පෙන්නුම් කළ බව පැවසූ ජීවන්දර මහතා තරුණ අයගේ එම ප්‍රතිදේහ ප්‍රතිශතය සියයට අනූ අටක් ලෙස පැවති බවද සඳහන් කළේය.

වයස 70 ට වැඩි අයගේ එම ප්‍රතිදේහ මට්ටම සියයට 9 3.3 ක් ලෙස පැවති බවද ඔහු පැවසුවේය.. .

මේ තොරතුරු හෙළි වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් 553 දෙනකු යොදාගෙන කළ කළ පරීක්ෂණයකදීය.

මේ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි .