නවතම පුවත්

ඇස්ට්‍රෙසනනෙකා එන්නත නැවත ලංකාවට ලැබීම වසර අවසානයේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 මාත්‍රාවන් COVAX සහ අනෙකුත් රටවලට ලබාදීම වසර අවසානයේදී පමණක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත්, එහිදී එන්නත් ඉන්දියාව වෙතම ලබාදීමට ප්‍රමුඛතාව දෙන බව ඉන්දියාවේ සේරම් ආයතනය පවසයි.

ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ල පැවසුවේ තම සමාගම කිසි විටෙකත් ඉන්දියාවේ ජනතාවගේ වියදමින් එන්නත් අපනයනය කර නොමැති බවය. රට තුළ එන්නත් කිරීමේ මෙහෙයුමට සහාය දැක්වීම සඳහා කළහැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටින බවද හෙතෙම කියා සිටියේය.

සේරම් ආයතනය ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන අතර කොවිඩ්-19 විනාශකාරී රැල්ලකින් රට පීඩා විඳින බැවින් ඉන්දියාවට එන්නත් නිෂ්පාදනය වේගවත් කිරීමට දැඩි පීඩනයකට ලක්ව ඇත.

COVAX සහ තනි රටවලට එන්නත් අපනයනය කිරීමේ කාල නියමය ගෝලීය එන්නත් බෙදා හැරීමේ තත්ත්වයට දැඩි පහරක් එල්ල කරනු ලැබීය. ඉන්දියාවේ අර්බුදය සහ ධනවත් රටවල් එන්නත් සැපයුම් මිල දී ගැනීම නිසා දුප්පත් රටවලට එන්නත් බෙදා හැරීම අරමුණු කරගත් COVAX මුලපිරීම දැනටමත් සැලකිය යුතු අඩුලුහුඩුකම්වලට මුහුණ දිමට සිදුව තිබේ.

සේරම් ආයතනය විසින් ඇස්ට්‍රාසෙන්කා කොවිඩ්-19 එන්නත නිපදවන අතර එය කොවිෂීල්ඩ් ලෙසද හැඳින්වෙයි. අඩු ආදායම්ලාභී රටවලට වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහන වන COVAX සඳහා මාත්‍රාව මිලියන 200ක් නිෂ්පාදනය කර ලබාදීමට ඔවුන් ප්‍රතිඥා දී තිබුණි. කෙසේ වෙතත්, ඉන්දියාව සිය දෙවැනි කොරෝනා ආසාදනය සමග පොරබදමින් සිටියදී මාර්තු මාසයේදී අපනයන අත්හිටුවීමට සේරම් ආයතනයට සිදුවිය.

සේරම් ආයතනයෙ හි ප්‍රකාශය පැමිණෙන්නේ ඉන්දියාවේ මධ්‍යම රජය විසින් එන්නත් සැපයුම් හිඟයක් පිළිබඳව දිගින් දිගටම පරීක්ෂාවට ලක්ව ඇති අතර, බොහෝ ප්‍රාන්ත රජයන් එන්නත් අපනයනය කිරීමට ගත් තීරණයට දොස් පවරති.

එන්නත් අපනයනය කිරීමේ තීරණය පිළිබඳව දැඩි සාකච්ඡාවක් ඇති බව පිළිගත් පූනවල්ල පැවසුවේ නිගමනවලට එළඹීමට පෙර සිදුවීම්වල වැදගත් අංශ කිහිපයක් සලකා බැලීම වැදගත් බවය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්