ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස් මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කර ඇත.
අමාත්‍යවරයාට වයිරසය තහවුරු වී ඇති බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් මහතා එරට අන්දෝලු පුවත් සේවයට සඳහන් කර ඇත
සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශක මෙහිදී සඳහන් කර ඇත.
මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,563ක් වන අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 106ක් ලෙස දැක්විණි.