ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ නෛතික තත්ත්වය විමර්ශනයට කමිටුවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ නෛතික තත්ත්වය විමර්ශනයට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී .

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටවුක් පත් කෙරෙනු ඇති බවය

 

එමගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම සහිත පාසල් පිහිටුවීමේ හැකියාව විමසා බැලෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත .

 

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ, දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි හඳුනා ගත් පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

 

ඒ, 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සිසුන් සඳහාය.

 

අදාළ ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.