මෙරට ප්‍රදර්ශන සඳහා ගෙනෙන බව පවසමින් පාකිස්තාන ජාතිකයන් විසින් ගෙනා රුපියල් කෝටියකට අධික රූපලාවණ්‍ය උපකරණ තොගයක් පිළිකාකාරක රසායන මිශ්‍ර කිරීමට ගෙනා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධි අංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මේවා අත්අඩංගුවට ගෙන ඇත.
රේගුව වෙත අසත්‍ය තොරතුරු ඇතුළත් ලියකියවිලි ඉදිරිපත් කොට මේවා රට තුළට රැගෙනවිත් ඇත.
පාකිස්තානයේ සිට ගෙනෙන ගෙනෙන මෙම රූපලාවණ්‍ය උපකරණ ප්‍රමිතියෙන් යුතු ඒවා ගෙන ආවද මෙරටදී ඔවුන් ඊට ඉක්මනින් පැහැපත් වන රසායන කලවම් කරන බවත් එම රසායන පිළිකාකාරක හා ඉතාම අහිතකර ඒවා බවත් විමර්ශන කණ්ඩායම් හෙළිකරගෙන තිබේ.