නවතම පුවත්

නීති විරෝධී ලෙස මෙරටට ගෙනා වියලි කහ කිලෝ 1058 ක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අද (18) හලාවත දැදුරු ඔයේ මෝය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1058ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් හලාවත දැදුරු ඔයේ මෝය ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර අදාල යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී ගෝනි උර 21ක බහාලන ලද වියලි කහ කිලෝ 1058ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.

මෙලෙස සොයා ගන්නා ලද වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිත අතර, සැකකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්