නවතම පුවත්

ඉටුකම අරමුදලේ ශේෂය  කොවිඩ් එන්නත්කරණයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කෝවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින රුපියල් 1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට රජය තීරණය කර තිබේ.
අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ. එය සමස්ථ එකතු වූ මුදලින් 23% කි.
ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා ප්‍රමාණයකි. එහෙත් අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ.
අරමුදල මුදල් වැය කළ ආකාරය පහත පරිදි වේ.
වසංගතය වෙනුවෙන් දරා ඇති වියදම්
➢ PCR පරීක්ෂණ ආශ්‍රිත වියදම් –
      42,605,812.00
➢ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා –
     67,543,967.00
➢ නිරෝධායන කටයුතු සඳහා වූ ආශ්‍රිත වියදම් –
     38,031,065.00
➢ පරිපාලන වියදම් –
     3,000.00
 ගෙවීමට ඇති බැරකම්
➢ එන්නත්කරණය ආශ්‍රිත වියදම් –
     41,545,980.00
➢ ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා –
     194,000,000.00
➢ ICU ඇඳන් මිලදී ගැනීම සඳහා –
      7,750,000.00
ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුලු වියදම –     391,479,824.00
මෙම සියලු වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුධ හමුදා මූලස්ථානය මඟිනි.
ජනතාව, දේශීය ආයතන කිහිපයක් හා විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉටුකම කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කළහ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන කොවිඩ්-19 අරමුදලට දායක වී නැත.
ජාත්‍යන්තර නීති අනුව විදේශ ආධාර හා පරිත්‍යාග සිදු කෙරෙනුයේ මහා භාණ්ඩාගාරය වෙතය. මෙම අරමුදලත්, ජාත්‍යන්තර ආයතන වලින් ලද පරිත්‍යාගත් අතර කිසිදු සම්බන්ධතාවයක් නැත. තවද 2020 වර්ෂය තුල කොවිඩ් 19 අරමුදලට මහජන පරිත්‍යාග වැඩි වශයෙන් ලැබුනද, 2021 වර්ෂයේ අප්‍රේල් මස තෙක් ලැබී ඇති පරිත්‍යාග වල මාසික සාමාන්‍ය රුපියල් මිලියන 7ක් පමණ වේ.
2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇතැයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය කියා සිටී.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්