ඉඩම් ඔප්පු ලියාපදිංචි කරන්නත් ඇප් එකක්

Picture of අසංක

අසංක

ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම නව විද්‍යුත් මෘදුකාංගයක් හරහා සිදුකිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිමේ අරමුනින් මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

එම නව ක්‍රමවේදය ලබන මාසයේ සිට හඳුන්වාදීමට නියමිත අතර එමගින් ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය වේගවත්වන බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව වාර්තාවේ.