පැතුම් වික්‍රමරත්න
ඉඩම් නඩුවල අනවශ්‍ය ප්‍රමාදයන් හා වර්තමානයට ගැළපෙන අයුරින් සකස් කිරීමට ඉඩම් නඩු පනත සංශෝධනය කෙරේ.
පෙරේ්දා(5) රැස්වුණු කැබිනට් මණ්ඩලය එම යෝජනාවට අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව ඉඩමක සම අයිතිකරුවන්ගේ අදාල අයිතිවාසිකම් ද සුරක්ෂිත කරමින් අනවශ්‍ය ප්‍රමාදයන්ගෙන් සහ ව්‍යාකූලත්වයන් වැළකෙන අයුරිනන් වර්ථමානයට ගැලපෙන ආකාරයට බෙදුම් නඩු පනත සංශෝධනය වනු ඇත.
බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා බෙදුම් නඩු නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ ඇති බෙදුම් නඩු නීති පිළිබඳ උපදේශක කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන දැනට පවතින බෙදුම් නඩු පනත සංශෝධනය වනු ඇත.
අධිකරණ අමාත්‍යාංශය විසින් ඒ ගැන කළ සොයා බැලීමකදී පෙනී ගොස් ඇත්තේ අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩුවලින් සියයට 80 ක් පමණ ඇත්තේ ඉඩම් නඩු බවය. මේ තත්වය වලක්වා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය සාධනීය පියවර රැසක් ගෙන ඇති අතර එහි තවත් එක් ප්‍රතිඵලයක් ලෙස බෙදුම් නඩු පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකරණ ඇමතිවරයා විසින් යෝජනාවක්ද ඉදිරිපත්කර තිබුණි.