නවතම පුවත්

ඉතාලියේ ලාංකිකයන්ට විශේෂ පොදු සමාවක් යටතේ වීසා විධිමත් කරගන්න අවස්ථාවක්

අසංක

අසංක

ඉතාලි රජය විසින් ලබා දී ඇති “සැනටෝරියා 2020” විශේෂ පොදු සමාව යටතේ තම වීසා විධිමත් කරගැනීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් මෙම විශේෂ කොන්සියුලර් සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් යොමුකිරීම 2020 ජුනි 30 දිනට පෙර සිදුකරන ලෙස තානාපති කාර්යාලය දන්වා සිටියි.

2020 ජුනි 01 වැනි දින සිට ජූලි 15 වැනි දින දක්වා බලපැවැත්වෙන සැනටෝරියා-2020 විශේෂ පොදු සමා කාලය තුළදී ලාංකිකයන් 10,000 කට අධික පිරිසකට ඔවුනගේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කොන්සියුලර් සහාය ලබා දීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සාල් ජනරාල් කාර්යාලය විසින් කටයුතු යොදා ඇත.

සැනටෝරියා වැඩසටහන යටතේ වීසා තත්ත්වය විධිමත් කිරීම පිණිස විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන සිසිලි දූපතේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා, විශේෂ ඔන්ලයින් ජංගම සේවාවක් රෝමයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

මෙම විශේෂ ඔන්ලයින් ජංගම සේවයේ ක්‍රියාවලියට ඊමේල් ඔස්සේ ලේඛන සෝදිසි කිරීම සහ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයක් හරහා පවත්වනු ලබන අයදුම්කරුවන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් වේ.

මෙම විශේෂ ඔන්ලයින් ජංගම සේවාව 2020 ජුනි 14 වන දින පෙ.ව. 9.00 සිට සිසිලි දූපතේ කැටනියා හිදී පැවැත්වේ.

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය පිළිබඳ වර්තමාන අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ සහ වසර ගණනාවක් පුරා අඛණ්ඩව පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා මත, ‘ඉතාලිය නැවත දියත් කිරීම’ සංවර්ධන සැලැස්මේ ප්‍රධාන ප්‍රතිපත්තිමය අංගයක් ලෙස ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

සැනටෝරියා වැඩසටහන හරහා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එම රැඳී සිටීම විධිමත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

එමගින් අවිධිමත් සංක්‍රමණික සේවකයින්ට ඉතාලියේ වීසා තත්ත්වය විධිමත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සහ සේවා කටයුතු සඳහා නෛතික රැඳී සිටීමේ අවසර පත්‍ර ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

මෙම විශේෂ පොදු සමාව ලබා ගැනීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් හා සේවය සැලසීමේ දී, රෝමයේ සහ මිලාන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් විශේෂ කොන්සියුලර් සේවයක් ආරම්භ කොට ඇත.

එම අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු වැඩකරන දින 10 ක් ඇතුළත දී කඩිනමින් ඔවුන්ගේ මුල් ගමන් බලපත්‍ර ලබා ගත හැකිය.

හමුවීම් සඳහා වේලාව වෙන්කර ගැනීමේ ඔන්ලයින් ක්‍රමයක් හරහා, දූත මණ්ඩල විසින් කොන්සියුලර් සේවා සඳහා පැමිණෙන අයදුම්කරුවන් ගෙන්වා ගනු ලබන අතර, කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ, දූත මණ්ඩලවලට පැමිණෙන මහජනතාව සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූල වන බවට සහතික වීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්