නවතම පුවත්

ඉතාලියේ සියළු පාසල් දින 10ක් වසා දමයි – මියගිය ගණන 107 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හෙවත් ‘කොවිඩ් 19’ පැතිරීම පාලනය කිරීම සඳහා අද සිට දින 10ක කාලයක් සියලුම පාසල් වසා දැමීමට ඉතාලිය තීරනය කර තිබේ.

යුරෝපයේ කොරෝනා වෛරසයෙන් දැඩිව බලපෑමට ලක්ව ඇති ඉතාලියේ මියගිය සංඛ්‍යාව 107ක්. ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය සේවය ද වෛරසය හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 3,200 ඉක්මවයි. ආසාදිතයන් සංඛ්‍යාව 95,000කට අධිකයි. රටවල් 84කට අධික සංඛ්‍යාවක වෛරසය ව්‍යාප්තව ඇති අතර සුවය ලැබූ පිරිස 53,000 ඉක්මවයි.

චීනයෙන් පසුව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තා වන්නේ, දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 5,600කට අධිකයි. කෙසේ වෙතත්, ඉරානයෙන් චීනයට අනතුරු වැඩිම මරණ පසුගිය දිනවල වාර්තා වුණත් මේ වන විට වැඩිම මරණ වාර්තා වූ රට බවට වාර්තා වී ඇත්තේ ඉතාලියයි. ඉරානයෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 92ක්. ස්ලෝවේනියා සහ හංගේරියාවෙන් පළමු වරට කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්