ඉතාලි කඳුකරයේ ගමක්ම සජීවී කොරෝනා පර්‍යේෂණාගාරයක් කෙරේ

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය පිලිබඳ තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම සඳහා ඉතාලි කඳුකරයේ පිහිටි නෙරෝලා ගම්මානයම , සජීවී පර්යේෂණාගාරයක් ලෙස භාවිතා කරීමට එරට බලධාරීන් කටයුතු යොදා ඇත.

එම ගම්මානයෙන් පසුගිය සතියේදී කොරෝනා අසාධිතයින් කිහිපදෙනෙකු හමුවූ අතර ඒ සමගම එම ගම්මානය සම්පූර්ණයෙන් වසා දමා , හමුදා ඒකක යොදවා එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙසද නම් කර ඇත .

එම ගම්මානයේ සියලුම දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඔවුන් සියලුම දෙනාවම වෙන් වෙන්ව පරික්ෂා කිරීමටද ඉතාලි වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් සැලසුම් කර ඇත.

එම ගම්වැසියන් වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කර , ඉන් ලැබෙන දත්ත හා තොරතුරු හරහා කොරෝනා වෛරසය පිලිබඳ සැඟවුණු තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි ඉතාලි විශේෂඥයන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

වෛරසය පිලිබඳ අවබෝධය වැඩිකරගැනීම හරහා ඊට සරිලන ප්‍රතිකාර විධි පිළිබඳවද නව තොරතුරු සොයා ගත හැකිවනු ඇති බව එම විශේෂඥයින් පවසති