නවතම පුවත්

ඉතියෝපියාවේ යුද ගැටුම්වලට මැදිවූ ලාංකිකයෝ පිරිසක් මුදාගැනෙති

අසංක

අසංක

ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

එරට ඇඟලුම් කර්මාන්තයේ රැකියාවල නියුතු මෙම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී දිවයිනට පැමිණීමට නියමිතය.

ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ මෙරට රජය සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදාගැනීමට හැකිවී ඇත.

ශ්‍රී ලාංකිකයන් ඇතුළු තවත් විදේශිකයන් පිරිසක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබේ.

ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය පසුගිය 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්