නවතම පුවත්

ඉතිහාසයේ පළමු වරට තැපෑලේ වාර්තාගත ආදායමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* කොවිඩ් මරණ අඩු කළ නිහඬ සේවයක් තැපෑලෙන් – ඇමති කෙහෙළිය

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපැල් දෙපාර්තමේන්තුව දිනක දී වැඩිම අදායම් ලැබීමට ඊයේ (22) සහ පෙරේදා දිනවලදී සමත් වෙයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල ඊයේ (22) වාර්තා කර ඇති අතර එය රුපියල් කෝටි 28කට අධික (රුපියල් මිලියන 284ක්) බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කීය.

ඉන් රුපියල් කෝටි 22ක්ම විදුලි බිල් අයකිරීම් මගින් ලබාගත් ඒවා බව හෙතෙම කියයි.

මීට අමතරව පෙරේදා (21) දිනයේදීද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22කට වැඩි ආදායමක් උපයා තිබේ.

රංජිත් ආරියරත්න මහතා පැවසුවේ ඉන් රුපියල් කෝටි 15ක් විදුලිබිල් මගින් ලැබී ඇතී බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ, ජල සම්පාදන මණ්ඩලයේ බිල්පත් ගෙවීමට පැමිණි අය කළ ගෙවීම්ද ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ඇතැයි ද තැපැල්පතිවරයා කීවේය.

දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබූ දෙදින ලෙස මෙම දින දෙක ඉතිහාසයට එක්වන බව කී ආරියරත්න මහතා සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුව දෛනිකව උපයන මුදල රුපියල් කෝටි 14 ත් 15ත් අතර වන බව ද පැවසීය.

සංචරණ සීමා පැවති කාලයේදී විදුලි, ජල බිල්පත් ගෙවීමට නොහැකිව සිටි පිරිස් සංචරණ සීමා ඉවත් කළ වහාම පැමිණ එම බිල්පත් ගෙවීම මෙම ආදායම ලැබීමට හේතු වූ බව ද ඔහු සඳහන් කළේය.

තැපැල් දෙපාර්තමේන්තුව මේ දිනවල මුද්දර, පාර්සල් බෙදාහැරීම ආදී සේවා මගින්ද වෙනදාට වැඩි ආදායමක් හිමිකරගෙන ඇතැයි තැපැල්පතිවරයා කීය.

එමෙන්ම රෝහල්වල ඖෂධ බෙදාහැරීම යටතේ තැපැල් දෙපාර්තමේන්තුව කොවිඩ් පළමු හා දෙවනි රැලි පැවති කාලයේදී ඖෂධ පාර්සල් ලක්ෂ 17ක් බෙදූ බව කී රංජිත් ආරියරත්න මහතා තෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසුව ද මේ වන විට ඖෂධ පාර්සල් 75,000ක් බෙදා ඇතැයි සඳහන් කළේය.

ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මෙම අසීරු කාලය තුළ නිහඬ සේවයක් කරන ආයතනයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව හැඳින්විය හැකි බවයි.

ඒ අනුව පවත්නා වසංගත තත්ත්වය තුළ දී වුව ද, මේ වන විට පවුල් ලක්ෂ 17 කට බෙහෙත් නිවසටම ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, මෙම Covid – 19 වසංගතයත් සමඟ පවුල් ලක්‍ෂ 17 කට නිවෙස්වලට බෙහෙත් ලබා දීමේ පළමු වටයේ වැඩපිළිවෙල මෙන්ම ඊට පසුවත්, මෙම අපහසු කාල පරිච්ඡේදය තුළත් ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩව ගෙනයාම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යය මණ්ඩලය වෙත බෙහෙවින් ස්තුතිවන්ත වන බව ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම, මරණ සංඛ්‍යාව ගෙන විශ්ලේෂණය කර බලන කළ සංකුලතාවයන් වැඩිවන පිරිස් බොහෝ විට මිය යන බව දක්නට ලැබී ඇති බවත්, ඊට එක හේතුවක් වන්නේ නිසි පරිදි නිසි වෙලාවට බෙහෙත් නොලැබීමට තිබූ නොහැකියාව බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදුව, තැපැල් දෙපාර්තමේන්තුව සිදු කරන නිහඬ සේවය තුළ නොපෙනෙන මරණ සංඛ්‍යාව අවම කිරීමට දායක වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්