ඉදිරියේදී ඉඩම් මිල පහළට -ඩොලරයත් රු.280ට බහී

Picture of අසංක

අසංක

මෙරට තුළ දැනට අධික මිලගණන්වලට පවතින ඉඩම් මිල ඉදිරියේදී ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලෝකයේ දියුණු රටක නගරයක ඉඩම් මිලටත් වඩා මේ වනවිට කොළඹ පවතින ඉඩම්වල මිල ඉහළ බවත් ඒ පිළිබඳ විවිධ සමීක්ෂණ පවා සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වනවිටත් ගොඩනැගිලි, නිවාස කුලිය පහත ගොස් ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.රුපියලේ අගය අද වනවිට ශක්තිමත් වී ඇති බව ද අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා කීය.

මේ අනුව ඉදිරියේදී අමෙරිකානු ඩොලරය රුපියල් 280ක් දක්වා පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.