නවතම පුවත්

ඉදිරියේදී ගැටුම් ඇතිවෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

අසංක

අසංක

ඉදිරි කාල වකවානුව තුල ගැටුම් පැන නැගිය හැකි හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි රටවල් සහ කලාප 10 අතර ශ්‍රී ලංකාවද ඇති බව ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group -ICG) නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.


2020 වසරට අදාළව එම ආයතනය නිකුත් කර ඇති මෙම වාර්තාවේ අංක එකට දක්වා ඇත්තේ බුර්කිනා ෆාසෝ රාජ්‍යය වන අතර දෙවන හා තුන්වන ස්ථානවලට දක්වා ඇත්තේ කොංගෝව හා ඉතියෝපියාව වේ.

ඉන් අනතුරුව සිව්වන ස්ථානයට එම වාර්තාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ පැවති “ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම්” රැසක් මේ වනවිට සිදුවෙමින් පවතින බවය.

මෙම වෙනස්කම් , ඉදිරියේදී ගැටුම් කාරී තත්වයන්ට හේතු සාධක විය හැකි බවද මෙම වාර්තාවේ දක්වා ඇත.


“පැවති රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය හමුවේ පොරොන්දු වූ පශ්චාත් යුද්ධ සංහිඳියාව, වගවීම ඇතුළු ප්‍රධාන ව්‍යවස්ථාමය හා ප්‍රතිපත්තිමය කැපවීම් අතහැර දැමීම සම්බන්ධයෙන් නව රජය ඉඟි පළ කර ඇති” බවත් එය ගැටුම් වලට මූල බීජයක් විය හැකි බවත් අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එම ප්‍රතිපත්තිමය වෙනස, “ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ බහුතරයේ වැඩි දෙනෙකු අතර පවතින වාර්ගික – ජාතිකවාදී අදහස් මත පදනම් වී ඇති” අතර, එමගින් “ජනවාර්ගික හා ආගමික ආතතීන් වැඩි වීමේ තර්ජනයක් මතුවන බව වාර්තාවේ දැක්වේ.

අදාළ රටවල් සහ කලාප පහත දැක්වේ.

  • බුර්කිනා ෆාසෝ
  • කොංගෝ
  • ඉතියෝපියාව
  • ශ්‍රී ලංකාව
  • යුක්‍රේනය
  • බොලිවියාව
  • ඇමෙරිකා – ඉරාන අර්බුදය
  • යුරෝපා කලාපය
  • ලිබියාව
  • ටියුනීසියාව
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්