නවතම පුවත්

ඉදිරියේදී ගෑස් කඩේට එන්නෙත් ගඳ සුවඳ බලලා

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මින් ඉදිරියට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමේදී ගෑස් සිලින්ඩරයේ ගඳ සුවඳ පරික්ෂා කිරීමෙන් පසුව අලෙවියට තැබීමට වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසන්නේ ගෑස් සිලින්ඩර මෙරටට රැගෙන ඒමට පෙර නැව්වලදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද එම සාකච්ජාවේදී එකඟත්වයට පැමිණි බවය.

වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ(01) රැස්වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.

සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පෙරවරුවේ  එම උපදේශක කාරක සභාව පැවැත්විණ. පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

එහි අරමුණවූයේ හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීම සහ ඊට විසදුම් විමසීමය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද අදාළ පාර්ශව සම්බන්ධ කරගෙන මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාවට වෙළෙඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහුද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සහ ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, නිමල් සිරිපාලද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන්ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙයට සහභාගි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්