නවතම පුවත්

ඉදිරි අය-වැය කටයුතුවලට ලෝක බැංකුවෙන් ඩො.මි. 700ක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමාජ සුබසාධන ප්‍රතිලාභ යෝජනා අරමුදල් ගෙවීම ඇතුළු රජයේ ඉදිරි අය-වැය කටයුතු සපුරා ගැනීම සඳහා අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාව මේ මස 28 දා පැවැත්වෙන තම අධ්‍යක්ෂ මණ්ඩලයේදී සලකා බැලීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබූ මේ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ එම කටයුතු මේ වන විට සිදු වන බවයි.

ඒ අනුව මෙරටට ලැබෙන මේසා විශාල මුදලින් රුපියල් බිලියන 200ක් සමාජ සුබසාධන දීමනා ගෙවීම සඳහා වැය කිරීමට තීරණය කොට ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ අතර ලෝක බැංකුවෙන් මෙම ණය මුදලේ පළමු කොටස ජූලි මාසය වනවිටත් ඉතිරි මුදල මේ වස‍ර නිමා වීමට පෙරත් මෙරටට ලැබෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය‍. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස නව සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ විධිමත් සහ විනිවිද භාවයෙන් යුතු ජාතික වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙන අතර ඒ අනුව සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු, ආබාධිත සහ සරණ අවශ්‍ය කණ්ඩායම් වෙත රජය මඟින් මූල්‍ය ප්‍රදාන ලබාදීම සිදු කෙරේ. මෙම මූල්‍ය ප්‍රදානයන් ලබාගැනීමට සුදුසුකම් ලැබූවන් තෝරා ගැනීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමේ නිර්ණායක 22ක් සහ ලකුණු ලබාදීමේ ක්‍රමයක් මොබයිල් ඇප් (Mobile App) එකක් හරහා සිදුකොට ඇත.

අස්වැසුම නම් වූ මේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, ප්‍රතිලාභීන්ට ඍජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් ගිණුම්ගත කිරීමට නියමිතය.

තුන් අවුරුදු වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, ඉන් පසු සමාජ සවිබල ගැන්වූ පිරිස් ප්‍රතිලාභ ලබාගැනීමේ ලේඛනයෙන් ඉවත් කොට දිරියෙන් නැඟී සිටීමට හැකි පිරිසක් බවට පත්කිරීම රජයේ අරමුණ වී ඇත. ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක් සහ ඩොලර් මිලියන 500ක් ලෙස ව්‍යාපෘති පදනම් කොට මෙරටට ආධාර ලබාදීමට නියමිතයි.

මේ අතර මෙම ණය පහසුකම ලබාගෙන 2023 වසරේ රජයේ වියදම් සහ අනෙකුත් කටයුතු සඳහා මුදල් යෙදවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි