ඉදිරි ඡන්දෙට චන්ද්‍රිකා කරන දේ

Picture of අසංක

අසංක

අලුත් පක්ෂයක් ගොඩනැගීමට තමා කටයුතු කරන බවට පළවන මාධ්‍ය වාර්තාවන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර සිටී.

තමන් කිසි විටෙකත් අලුත් පක්ෂයක් ගොඩනැගීමට කටයුතු නොකරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවත් ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ පැවසුවාය.

පැතුම් වික්‍රමරත්න