දිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර හා බදුල්ල දිස්ත්‍රික්වලටත් අකුණු, විදුලි කෙටීම් සහිත අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉහත සදහන් ප්‍රදේශවල මිලිමීටර් 100කට අධික වැසි ඇතිවිය හැකි බව ද පවසා තිබේ.
වැසි සහිත අවස්ථාවලදී පැයට කිලෝමීටර් 80ක් පමණ වන දැඩි සුළං ද තාවකාලිකව බලපෑ හැකි බවට අනාවැකි පළකර ඇත.
අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස ආපදා ඒකක දන්වා සිටියි.
Rainy Weather over Sri Lanka can expect in next few days. Heavy thunderstorms are established over southwest areas. Above 75mm rainfall can be occurred in few places. Flash flooding may experience in low lying areas. Be ready with umbrellas and take precautions on lightening pic.twitter.com/AkQsJX824U
— Weather | Sri Lanka (@WeatherSri) March 18, 2019